brand logo

මහවැලි ගඟේ ගිලුණු තරුණියගේ සිරුර සොයා ගනී

11 September 2020

මහවැලි ගඟට වැටී ගඟේ ගිලුණු තරුණියගේ සිරුර අද(11) පෙරවරුවේදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ. කටුගස්තොට නගරයේ කුඩා පාලම අසලින් මෙම තරුණිය ගඟට වැටී දඟලමින් සිටිනු දැක අසල සිටි තරුණ පිරිස ගඟට පැන ගඟ සහ එයට යා වන පිඟා ඔය පීරා තරුණියගේ සිරුර සොයා ගනු ලැබීය. 21 හැවිරිදි කටුගස්තොට යහලතැන්න ප්‍රදේශයේ පදිංචි ඇය ඇඟළුම් කම්හලක සේවය කළ තරුණියක් බව හඳුනා ගෙන තිබේ. යම්කිසි සිත් තැවුලක් හේතුවෙන් තරුණිය සිය දිවි නසා ගෙන ඇති බවට පොලීසිය විශ්වාස කරයි. මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
 

More News..