මියගිය කාන්තාව ගැන ගම්පොළ පොලීසියෙන් විමර්ෂන
ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි මියගිය කාන්තාවගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් - 55ක් පමණ වයසැති කාන්තාවක් වන අතර මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලීසිය පවසයි.
එම කාන්තාවගේ බවට සැකකෙරෙන අත්බෑගයක් ද ගඟ අසල වැටී තිබී ඇති අතර, එහි තිබී රුපියල් 15,000කට ආසන්න මුදලක් හා ඖෂධ කිහිපයක් ද සොයාගෙන තිබේ.
මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරේ.