brand logo

මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට

09 December 2018

මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් මහවැලි ගගේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම පදිංචි රංජිත් කුමර් නැමති 20 හැවිරිදි තරුණයෙකි. ජිවිතක්ෂයට තරුණයා ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි ඥාතින් පිරිසක් සමග ඊයේ (08) පස්වරු 5 ට පමණ නාවලපිටිය වරකාව පන්සල අසලින් මහවැලි ගගේ දිය නැමට ගොස් ඇති අතර, එහිදි ජිවිතක්ෂයට පත් තරුණයා සමග තවත් ඔහුගේ මිතුරෙකු සහ ඥාති සෙහොයුරියක් මහවැලි ගගේ දිය නාමින් සිටියදි තිදෙනාම සැඩ පහරට හසු වි මහවැලි ගගේ ගසා ගෙන ගොස් ඇත. මහවැලි ගගේ ගසාගෙන ගිය තරුණිය සහ තරුණයෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ඇති අතර, දියේ ගිලි ජිවිතක්ෂයට පත් වු තරුණයාගේ සිරුර ඔහු දිය නාම සිදු කල මිටර් 50 පමණ පහලින් මහවැලි ගගේ ගැඹුරු වලක තිබි ඔහු ගේ සිරුර නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගෙන සිරුර නාවලපිටිය මුලික රෝහල වෙත භාර දි නාවලිපිටිය මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. මිය ගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂන පවත්වයි. හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..