brand logo

මහරගම ඩ්‍රෝන මෙහෙයුමකින් 6ක් අත්අඩංගුවට

01 June 2021

මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් එක්ව මහරගම පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේ අද (01) සිදුකෙරුනු ඩ්‍රෝනා කැමරා මෙහෙයුමකින් සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 6දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොෂාන් රාජපක්ෂ, මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සදහා සහභාගි විය. පොලිස් ඩ්‍රෝන කැමරා කණ්ඩායම විසින් ලබාදුන් තොරතුරු මත පොලිස් යතුරුපැදි කණ්ඩායම විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..