brand logo

මහරගම ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

11 February 2021

    මහරගම නගර සභාවට අයත් වාහන වලට දෛනිකව ලබා දෙන ඉන්ධනවලට භූමිතෙල් මිශ්‍ර කර ලබාදීමේ වංචාවක් පිළිබඳව වාර්තා වී තිබේ. මහරගම නාගරික මන්ත්‍රී සුරේෂ් නිශාන්ත මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරනවා. අනාවරණය වී ඇත්තේ නගර සභාවට අයත් වාහනයක වූ කාර්මික දෝෂයක් යථා තත්වයට පත්කිරීමට ගිය අවස්ථාවේදී බව ඔහු සඳහන් කර ඇත. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නගර සභාවේ දෛනික අවශ්‍යතා සඳහා ඩීසල් ලබාදෙන අතර එලෙස රැගෙන එන ඩීසල් සහිත බවුසර්වලට භූමිතෙල් මිශ්‍රවී ඇති බවට අනාවරණය වී තිබෙන බවකි. එසේම මේ තත්වය දිගට පැවතුනහොත් නගර සභාවට අයත් වාහනවල නඩත්තුව පිළිබඳව ඉදිරියේ දී ගැටලු රැසක් මතු විය හැකි බවද ඒ මහතා සඳහන් කරනවා. පරීක්ෂණයක් පවත්වා සත්‍ය තත්ත්වය පැහැදිලි කරන ලෙස නාගරික මන්ත්‍රී සුරේෂ් නිශාන්ත මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

More News..