brand logo

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

06 January 2020

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (07) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මණ්ඩලය සඳහන් කළේ, කලටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජලනල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවනු ඇති.
 

More News..