brand logo

මහරගම අපේක්ෂා රෝහලේ දාන නවතී

07 October 2020

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සදහා පිටතින් ලබා දෙන වියළි ආහාර ද්‍රව්‍ය (ප්‍රදානයන්) තාවකාලිකව නතර කරන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේය. කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග මෙම තීරණය ගත්න මුත් රෝගීන් සදහා ලබා දෙන ඖෂධ ප්‍රදානයන් වෙනදා මෙන් ලබාදිය හැකි බවද හෙතෙම පැවසීය. රෝහලේ සායන වෙත යා හැක්කේ රෝගියාට පමණක් බැවින් ඔහු සමග රෝහල වෙත එක් පුද්ගලයෙකු පමණක් පැමිණෙන මෙන්ද දැනුම් දී තිබේ. මේ වන විට පොලිස් ඇදිරී නීතිය පනවා තිබෙන ප්‍රදේශයන් හී සිට අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන පුද්ගලයින් තම සායනික කාඩ්පත පොලීස් නිලධාරීන්ට පෙන්වා අවසර ලබා ගත හැකි බවද හෙතෙම සදහන් කළේය. ගම්පහ, මිනුවන්ගොඩ දිවුලපිටිය ඇතුළු ප්‍රදේශයන්ගේ පදිංචිව සිට රාජකාරිය සදහා පැමිණෙන රෝහල් කාර්යය මණ්ඩල ඊයේ(7) සිට සීමා කර ඇත.
 

More News..