brand logo

මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සජිත්ට දෙන්න ප්‍රතිසංවිධාන කමිටුවේ තීරණයක්

15 December 2019

ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදාස මහතාට මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය දියයුතු බවට වන යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මේ සතියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතව ඇත. එක්සත් පක්ෂයට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ අදහස් ගෙන අංගසම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
 

More News..