brand logo

මහමැතිවරණයට බිමල් - රත්නපුරෙන් ලාල් - මහනුවරින් හඳුන් - මාතරින්

28 December 2019

එළඹෙන මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ඉදිරිපත් කරනු ලබන ජාතික ජනබලවේගයෙන් දිස්ත්‍රික් මට්ටමින් ජනතා විමුක්ති පෙරමණේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හා හිටපු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණේ මෙතෙක් කලක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ බිමල් රත්නායක රත්නපුරයටත්, අනුරාධපුරයත් තරග කළ ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. කුරුණෑගලින්, පාර්ලිමේන්තුව නියෝජනය කළ නාමල් කරුණාරත්නත්, උතුරු මැද පළාත් සභාව නියෝජනය කළ විතාන සමරසිංහ අනුරපුරින් ඉදිරිපත් වේ. කොළඹින් අනුර දිසානායක හා ලක්ෂ්මන් නිපුන ආරච්චිද, ගම්පහින් විජිත හේරත්ද, කළුතරින් නලින්ද ජයතිස්සද, ගාල්ලෙන් නලින් හේවගේද මාතරින් සුනිල් හඳුන්නෙත්ති ද, හම්බන්තොටින් නිහාල් ගලප්පත්තිද, කෑගල්ලෙන් ගාමිණී රත්නායක ඇතුළු පිරිස් ඉසිරිපත් කිරීමට සැලසුම් කර ඇත. ඊට අමතරව එම දිස්ත්‍රික් ලැයිස්තුවලට ජාතික ජනබල වේගය නියෝජනය කරනු ලබන සාමාජිකයන් ද ඉදිරිපත් වීමට නියමිතය.
 

More News..