brand logo

මහනුවර සිදුවූ භූ චලන ගැන විශේෂඥ කමිටු නිර්දේශ

05 January 2021

  පසුගිය කාලයේ ඇති වූ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු භූචලන තත්වයන් පිළිබඳ විශේෂඥ කමිටුවක් විසින් නිර්දේශ ඉදිරිපත්කර තිබේ. මේ අනුව වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර් සියයක් දක්වා වූ කලාපය තුළ සිදුකරන හුණුගල් කැණීම් තහනම් කළයුතු බවට නිර්දේශ කර ඇත. එසේම දැනට සිදුව ඇති භූකම්පන සියල්ලම රිච්ටර් මාපකයේ ඒකක 2ට අඩු ඒවා වන අතර ඒවා ජලාශයේ ජලය පිරී යන අවස්ථාවන්හිදී සිදුවන ස්වභාවික කම්පන විශේෂයක් බවත් කමිටුවේ අධ්‍යයනයෙන් හෙළිවී ඇති බවත් පරිසර අමාත්‍යංශය සඳහන් කරනවා. කෙසේ නමුත් වික්ටෝරියා ජලාශ වේල්ල අවට හුනුගල් කැඩීම සඳහා කරන පිපිරවීම් සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමුව ඇති අතර මේ අනුව ජලාශ වේල්ලේ සිට මීටර් 100ක් දක්වා තුළ සිදුකරන හුණුගල් කැණීම් තහනම් කළ යුතු බවට නිර්දේශ කර ඇත.
 

More News..