brand logo

මහනුවර වෛද්‍යවරයෙකුට කොරෝනා

10 December 2020

මහනුවර වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාධනය විම නිසා වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකය හා එම වෛද්‍යවරයාගේ පෞදගලික බෙහෙත් ශාලා දෙක වසා දමා ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය පවසයි. මෙම වෛද්‍යවරයාට කෝවිඩ් වෛරසය අසාධනය වි ඇති බව ඊයේ (09) දින තහවුරු විමත් සමග එම බෙහෙත් ශාලා වසා දමා පෞද්ගලික බෙහෙත් ශාලා දෙක සදහා වෛද්‍යප්‍රථිකාර ලබා ගැනිම සදහා පැමිණි පුද්ගලයින් සොයා මේ වන විට සව්‍යං නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ හා වෙලම්බඩ පොලිසිය පියවර ගෙන තිබේ. භාරත මෙන්ඩිස්
 

More News..