brand logo

දිගන භූ කම්පනයට හේතුව මෙන්න

18 November 2020

අද(18) උදෑසන දිගන ප්‍රදේශයේ ඇති වු භු කම්පනය (Collapse Quake) කඩාවැටීමක් නිසා ඇතිවන සුඵ භු කම්පනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යන අංශයේ භු ගර්භ විද්‍යාව පිළබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පසුගිය දිනවලදි ද මෙම තත්වයේ භු කම්පනයක් එම ප්‍රදේශවලින් වාර්ථා වු බවත් මෙය හුනු ගල් කැනිම් වලින් සිදුවන භු චලනයක් බවද මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි. එම ප්‍රදේශය සියයට 75% ක් පමන ජලයෙන් යටවි ඇති ප්‍රදේශයක් එහි භුගතව දිගන අඹකොටේ ප්‍රදේශ දක්වා එම හුනුගල් තට්ටුව විහිදි ඇති බවත් මෙම භු ගත හුනුගල් තට්ටුවට එම කැනිම් වලින් ඇතිවු බලපැමෙන් ඇති වු භු ගත හුනුගල් තට්ටුව කඩා වැටිමක් ඇතිවි එයින් මෙම භු කම්පනය ඇතිවි ඇති බව ලැබනු විස්තර අනුව තමාගේ හැගිම බවද මහාචාර්යවරයා පැවැසිය.
 

More News..