brand logo

මහනුවර පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් වටලයි

03 June 2021

නිරෝධායන නීති උල්ලංගණය කරමින් දේශන පැවැත්වූ මහනුවර පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් අද (03) පොලීසිය විසින් වටලා තිබේ. හනුවර කටුගස්තොට අක්කර 5 ප්‍රදේශයේ පිහිටි ආයතනයක් මෙලෙස වටලා තිබේ. එහි සිටි සිසුවියකට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත. එහි සිසුසිසුවියන් 50ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරතව සිට ඇති අතර ඒ අනුව සිසුන් සහ සේවකයින් දින 14ක් එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණි. කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
 

More News..