brand logo

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

30 November 2020

කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාධනය වි ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වු ඇති බව පොලිසිය පවසයි. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු පී.සී.ආර් පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බව පොලීසිය පවසයි. මරණයට පත්වූ 49 හැවිරිදි පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත් මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. භාරත මෙන්ඩිස්
 

More News..