brand logo

මහනුවර දළදා වීදියේ නයිට් බසාර් වසා දැමීමේ තීරණයක්

08 March 2019

මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) ප්‍රකාශ කළා. දළදා වීදියේ නයිට් බසාර් පැවැත්වීම පිළිබදව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බවයි ඇමතිවරයා සඳහන් කළේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී එම්. වේළුකුමාර් මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට ද මේ පිළිබදව පැමිණිලි ලැබී තිබූ බවයි.
 

More News..