brand logo

මහනුවර ජාතික රෝහලේ හෙදියන් ආසාදිතයි

27 November 2020

මහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කෝවීඩි 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මයි පවසයි. මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කරන බවත් එලෙස පෙරේදා (26) සිදුකළ පරීක්ෂණ වාර්තා වලට අනුව මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසදනය වී තිබෙන බව වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය. කොවිඩ් ආසාදිත හෙද නිලධාරිනියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කළ අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බවත් වැඩබලන අධ්‍යක්ෂවරිය පැවසිය. මහනුවර ජාතික රෝහලට සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඇතැම් පිරිස් පැමිණෙන බවත් මෙම අවස්ථාවේ අත්‍යවශ්‍යය කාරනයකට හැර හැකි තරම් රෝහලට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාස කළේය. අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රෝහලට ගොස් ප්‍රථිකාර ලබා ගැනිමෙන් පසු එහි වෛද්‍යවරු මහනුවර ජාතික රෝහලට යොමුකළ යුතුද නැද්ද යන්න නිරීක්ෂණය කර තීරණය කරනු ඇති රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය. භාරත මෙන්ඩිස්
 

More News..