brand logo

මහනුවර ඛේදවාචකයේ වැඩි විස්තර

20 September 2020

  අද දින (20) අළුයම 5ට මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් හෝටලයක් යාබද නිවසක් මතට කඩා වැටීම සිදුවුණා . සිදුවූ අනතුරින් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකුට දිවි අහිමි වුණා. සුන්බුන්වලට යටවූ බිළිඳාගේ මව්පියන්ගේ සිරුරු මේ වනවිට (පස්වරුවේ) ගොඩගත් බව පැවසෙනවා. යුද හමුදා වේ 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන් මහතා මේ සම්බන්ධ වැඩිදුර අදහස් පළකලා. කඳුබෑවුමක පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් වූ එම හෝටලය ඊට පහළින් පිහිටි නිවසක් මතට පතිත වී තිබේ. අනතුරත් සමග පහළ නිවසේ සිටි පස්දෙනෙකු සුන්බුන්වලට යට වී ඇත. මෙලෙස අනතුරට ලක්වුණේ එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා සහ තවත් කාන්තාවක් දෙදෙනෙක්. ඉන් කාන්තාවන් දෙදෙනා අනතුර සිදුවූ අවස්ථාවේම බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හා පොලිස් නිලධාරීන්ට හැකිව ලැබී තිබෙනවා. සුන්බුන් අතර සිරවූ බිළිඳා සොයාගැනුණු අතර බිළිඳාව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. සුන්බුන්වලට යටවූ බිළිඳාගේ මව්පියන්ගේ සිරුරු මේ වනවිට සොයා ගෙන තිබෙනවා.    
 

More News..