brand logo

මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ල ඉවත්කෙරේ

20 October 2020

පසුගිය සැප්තැම්බර් 20වනදා' මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටී, ජීවිත 3ක් අහිමි කරමින් කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත්කිරීම අද (20) සිදුකෙරුණා. ආපදා කළමනාකර රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ මහනුවර මහනගර සභාව එක්ව මෙම සුන්බුන් ඉවත් කිරීම සිදුකර ඇත. මේ සඳහා රුපියල් ලක්ෂ 28ක මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල ඉදිරියේදී එම මුදල නිවසේ හිමිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා සඳහන් කරනවා. සුන්බුන් ඉවත් කිරීම සඳහා සති 2ක් වැනි කාලයක් ගතවන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා සඳහන් කරනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට පෙර සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වුයේ මෙම ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බැවින් එය කඩා වැටී ඇති බවයි.
 

More News..