brand logo

මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

29 September 2020

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය. පසුගිය 20 වනදා අලුයම මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්විය. විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත එම ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අද (29) උදෑසන අත්අඩංගුව ගෙන ඇති අතර අද පස්වරුවේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..