brand logo

මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් 15 වනදා දක්වා වැසේ

02 August 2019

ශ්‍රී දළදා මළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් ලබන 5 වන දා සිට 15 වන දා දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. .ඒ අනුව එම කාල සීමාව තුළ කඩවත්සතර, ගගවට කෝරළය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ හා පේරාදෙණිය , කටුගස්තොට, අලදෙණිය, අඹතැන්න, මඩවල, මැණික්හින්න, දිගන හා තලාතුඹය ප්‍රදේශවල සියලු සුරා සල් වසා තැබෙනු ඇත. දළදා මාළිගාවේ සිට කිලෝමීටර් 8ක දුර සීමාවක් තුළ පවතින සිල්ලරට විකිණීමේ බලපත්‍ර සහ විශේෂ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු අතර අදාළ කාලසීමාව තුළ අක්‍රමිකතාවන්හි නිරත වන සුරාබදු බලපත්‍රලාභීන්ට එරෙහිව මෙන්ම නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..