brand logo

මහනාහිමිට අවසන් ගෞරව දැක්විමට රනිල් වික්‍රමසිංහ මහතා යයි

22 November 2020

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන්ගේ අපවත් විම රටටත් තමාටත් විශාල පාඩුවක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවැසුයේ අපවත් වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක,මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙණ් මහ විහාරාධිපති,අග්ගමහා පණ්ඩිත නාපන පේමසිරි මහනාහිමිපණන් වහන්සේට ගෞරව දැක්විම පිණිස ඊයේ (21) මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවනට පැමිණි අවස්ථාවේදිය. එහිදි රනිල් වික්‍රමසිංහ මහතා මෙස් කිය. උන් වහන්සේගෙන් මට ලැබුණු උපදෙස් මම මෙතනදි මතක් කරන්න ඕන විශේෂයෙන්ම වසර 90 ක් තිස්සේ අපට දුන් අවවාද අනුසාසනා ඉතාම වැදගත් මේ අවස්ථාවේදි අපිට කරන්නට ඇත්තේ උන් වහන්සේට නිවන් සුව අත්වේවා කියා පාර්ථනා කිරිම බවත් උන්වහන්සේට කරන ගෞරවය ඉදිරියේදි මහානායක හිමියන් නියෝජනය කල රාමඤ්ඤ මහා නිඛාය ශක්තියෙන් ඉදිරියට ගෙන යැම බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවැසිය. මේ අවස්ථාව සදහා ශාන්තිනි කෝන්ගහගේ,ඇතුලු එක්සත් ජාතික පක්ෂය නියෝජනය නියෝජිතයිනි පැමිනියහ. භාරත මෙන්ඩිස්
 

More News..