brand logo

මහනගර සභාවේ සේවකයෙක්ට කොවිඩ්

17 December 2020

ගාල්ල මහනගර සභාවේ කසළ කළමණාකරණ ඒකකයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (17) තහවුරු වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. මෙකි සේවකයා ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අහඹු ලෙස කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මෙකි සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙකි සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු මොහුත් සමග වැඩකරණ කසළ කළමණාකරණ ඒකකයේ සේවකයින් 05 දෙනෙකු අද (17) පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට නිරෝධායනය කිරිමට කටයුතු කරණ බව ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි. මෙකි සේවකයාගේ ආශ්‍රිතයින් සොයා පරික්ෂණ සිදුකරණ බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. අක්මීමන - එච් එම් සමන්
 

More News..