brand logo

PHIලට යතුරුපැදි ලබා දෙයි

18 September 2020

කොවිඩ් -19 අඩපණ කිරීම වෙනුවෙන් විශිෂ්ට කාර්‍යභාරයක් ඉටුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදන වලින් යතුරුපැදි ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. යතුරු පැදි 807 ක් එදින බෙදාදීමට නියමිත අතර ඒ සියලු යතුරුපැදි හිමිවන නිලධාරීන් නියෝජනය කරමින් කැඳවන කණ්ඩායමකට යතුරු පැදි ප්‍රදානය කිරීම නිල වශයෙන් සිදු කරනු ඇත. අදාල නිලධාරීන්ට සහභාගීවීමට පුද්ගලිකව දන්වනු ඇත. අද (18) පෙරවරු 10.30ට කොළඹ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී, ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් යතුරු පැදි ප්‍රදානය කරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන්ද එක්වීමට නියමිතය. මෑත කාලයේ නිලධාරීන්ගෙන් කිසිදු අයකිරීමක් නොකොට එකවර ප්‍රදානය කරන යතුරුපැදි විශාලතම තොගයද මෙය වනු ඇත.
 

More News..