brand logo

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා වැඩ වර්ජනයක

20 January 2019

දීවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා දවස පුරා එක් දින වැඩ වර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති විසින් සඳහන් කරයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් බවත් නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ පරිපාලන මහජන සෞඛ්‍යවරයා අතරට ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් වෛද්‍යවරයෙකු පත් කිරීමට රජය සුදානම් වන බව මෙයට හේතුව බවට ඔවුන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය වහාම අත්හිටුවන ලෙසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරියට දැනුම් දුන් නමුත් ඊට නිසි ප්‍රතිචාර නොමැති නිසා 21 වැනිදා දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව සඳහන් කරයි. එම වැඩ වර්ජනයටද ප්‍රතිචාර නොදැක්වුවහොත් දිවයින පුරා වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..