brand logo

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසූ පුද්ගලයා රිමාන්ඩ්

04 August 2021

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු අද (04) අද කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙම නියෝගය ලබාදී ඇත. ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ නිවසක කොවිඩ් ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසට රාජකාරි කටයුතු සිදුකිරීම සදහා පැමිණි නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමට තැත් කර ඇති අතර, පසුව ඔහුට කෙළ ප්‍රහාරයක් එල්ල කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 48 හැවිරිදි පුද්ගලයා මත්පැන් පානය කර සිටි අයෙකු බව ද පොලීසිය සදහන් කරයි. https://youtu.be/InqwoVwTJbQ
 

More News..