brand logo

මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

19 September 2019

මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී ඇත. කිහිප අවස්ථාවකදිම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ විරෝධය හේතුවෙන් යෝජනා කළ දිනට එය සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවස්ථාව හිමි නොවුණු අතර මීට පෙර පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී මෙම පනත් කෙටුම්පත විවාදයට ලක් කර ඇත. අද දිනයේදී එහි සංශෝධන ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදු විය. පනත් කෙටුම්පතේ තුන්වන වගන්තිය සඳහා බිමල් රත්නායක, දිනේෂ් ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් සංශෝධන ඉදිරිපත් කළ අතර එම සංශෝධනවලට ආණ්ඩුව එකඟ නොවුනු බැවින් විපක්ෂයේ ඉල්ලීම පරිදි පනත් කෙටුම්පතේ තුන්වන වගන්තියට ඡන්ද විමසීමක් පවත්වා ඇත. එම ඡන්ද විමසීමෙන් පක්ෂව ඡන්ද 37 ක් සහ විපක්ෂව ඡන්ද 72 ක් ලැබී කාරක සභා අවස්ථාවේදී අනෙකුත් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු තුන්වන වර කියවීමේ අවස්ථාවේදී මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
 

More News..