brand logo

මහජන බැංකුවේ 59 වන සංවත්සරය නිමිත්තෙන් පැවති ලේ දන්දීමේ කඳවුර

10 August 2020

මහජන බැංකුවේ 59 වැනි සංවත්සරය නිමිති කරගනිමින් පැවති ලේ දන්දීමේ කඳවුර පසුගියදා කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මහජන බැංකුවේ සුබ සාධක දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුරට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ මහතා ඇතුළු බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළ අතර, එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත් හා නීති) රොහාන් පතිරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) පී .ආර් .එස් .ජයතිස්ස යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි වූහ. මහජන බැංකුව සිය 59 වැනි සංවත්සරය සමරමින් සංවිධානය කළ විශේෂ වැඩසටහන්, සර්වාගමික වැඩසටහන් හා සමාජ සත්කාරක ව්‍යාපෘතීන් අතර මෙම ලේ දන්දීමේ වැඩසටහන ප්‍රධාන තැනක් ගනී. පවතින කොවිඩ් වසංගත තත්වය තුළ සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම ලේ දන්දීමේ කඳවුර පැවැත්විණි. ලේ පරිත්‍යාගශීලීන්ගේ ශරිර සෞඛ්‍ය පිළිබඳව කරනු ලබන පරික්ෂාවකින් පසු ලේ බැංකුවේ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධික්ෂණයෙන් රුධිරය ලබාගැනීම සිදුකළ අතර, මෙම වැඩසටහන ඔස්සේ වාර්ෂිකව රුධිරය විශාල ප්‍රමාණයක් මහජන බැංකුව විසින් ලේ බැංකුවට ලබාදෙයි.
 

More News..