brand logo

මහජන බැංකුවේ රාජගිරිය සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට

25 August 2020

මහජන බැංකුවේ රාජගිරිය සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. රාජගිරිය. පරණ කෝට්ටේ පාර අංක 34 දරන ස්ථානයේ විවෘත කෙරුණු පුළුල් ඉඩ පහසුකමින් පිරි මෙම සේවා මධ්‍යස්ථානය අති නවීන තාක්ෂණයෙන් සහ සුවිශේෂී සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
 

More News..