brand logo

මහජන දේපළ අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න

17 March 2019

මහජන දේපළ එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව භාවිත කිරීමට කිසිදු ඉඩක් නොතැබීමට සියළු ආයතන ප්‍රධානින් වග බලා ගත යුතු බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය. රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ එවැනි කටයුතු පිලිබදව වහාම නීතිපති වෙත කරුණු වාර්තා කර නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කල යුතු බවත් නීතියේ ප්‍රමාදයක් පවතින්නේ නම් රාජ්‍ය සම්පත් සුරැකීම සදහා පෞද්ගලික නීතිවේදීන්ගේ සහය හෝ ලබාගෙන රජය සතු මහජන දේපල ආරක්ෂා කරගත යුතු බවත්ය. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් සියළු ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව පැවසිය. අදාළ ආයතන වල කටයුතු සහ පසුගිය මාසයේ මහජන සේවා පිළිබද සොයාබැලීම වෙනුවෙන් කැදවා තිබු මෙම සාකච්ජාවේදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් ඇතැම් ආයතන සතු සම්පත් විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම් අනිසි ලෙස භාවිත කරන බවටත් එනිසාම තම ආයතන වෙත ලැබිය යුතු විශාල මුදලක් අහිමි වෙමින් පවතින බවටත් ආයතන ප්‍රධානින් ඉදිරිපත් කල කරුණු පිලිබදව අවදානය යොමු කර ඒ පිළිබද අදහස් දක්වමින් දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා සියළු ආයතන ප්‍රධානින් වෙත මෙම උපදෙස් ලබාදුන්නේය
 

More News..