brand logo

මහකන්නයේ වී අස්වැන්න ඉදිරි මාස දහයකට ඇති

24 May 2020

ගෙවුණු මහකන්නයේ පමණක් ​ලැබුණු වී අස්වැන්න ඉදිරි මාස දහයට රටේ සහල් පරිභෝජනයට ප්‍රමාණවත් නිසා මේ වන විට රට තුළ ඇත්තේ ප්‍රධාන මෝල් හිමියන් කිහිප දෙනකු විසින් ඇති කළ කෘත්‍රිම සහල් හිඟයක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය.
2018/2019 මහ කන්නයේ දී පෙර කන්නයට වඩා සියයට 16.2කින් වගා බිම් ප්‍රමාණයක් වගා කළ අතර අස්වැන්නද පෙර කන්නයට වඩා සියයට 10.3 කින් ඉහළ යාම නිසා මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් පමණ ලැබී ඇත.
රටට මාසයකට අවශ්‍ය වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 3කි. එය සහල්වලින් මෙට්‍රික් ටොන් ලක්ෂ 2කි. ඒ තත්ත්වයක් මත සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 85කටද, නාඩු හා සම්බා සහල් කිලෝවක් රුපියල් 90කටත් කීරිසම්බා සහල් කිලෝවක් රුපියල් 125කට අලෙවි කරන ලෙසට රජයේ පාලන මිලක් නියම කර තිබියදී සම්බා සහ නාඩු සහල් කිලෝව රුපියල් 95-98 තොග මිලකට අලෙවි කරන බව වාර්තා වේ. කීරි සම්බා කිලෝව රුපියල් 150කට පමණ අලෙවි කරන බව වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..