brand logo

මස්කෙලියේ හින්දු කෝවිලක් හොරු කඩයි

07 September 2018

මස්කෙලිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ  පිහිටි හින්දු කෝවිලකට ඊයේ (06) රාත්‍රියේ දොර කඩා ඇතුළු වූ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු දේව රුපයකට  පලන්දවා තිබූ රන් ආභරණ ගලවාගෙන පිං කැටය කඩා මුදල් සොරාගෙන ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි. කෝවිලේ බාරකරු අද උදැසන එම කොවිලේ දිනපතා පැවැත්වෙන පුජාව ගිය අවස්ථාවේ කෝවිලේ ඉදිරිපස දොර කඩා ඇති බව දැනගෙන පසුව කොවිල් භාරකාර මණ්ඩලය මගින් පොලිසියට දැනුම් දී තිබේ. මස්කෙලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  
 

More News..