brand logo

මස්කෙලියේ රිලා හොරු

29 December 2020

    රිළා රංචුවක් හේතුවෙන් මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නගරවාසීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පදිංචි ව්‍යාපාරිකයෝ රිළා උවදුර පිළිබඳ මෙසේ පැවැසීය. ‘‘රිළවුන් 20 කින් පමණ සමන්විත රංචුව දෛනිකව දිවා කාල​යේදී වෙළෙඳසල්වලට හා නිවාසවල මුළුතැන්ගෙයට එනවා. ඇවිල්ලා පිසූ හා වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යනවා. ආපන ශාලා තුළට කිසිදු බියක් නොමැතිව සමූහයක් ලෙස කඩා පනිනවා. මේ රිළවුන් පාරිභෝගිකයන් ආහාර ගනිමින් සිටින අවස්ථාවලදීත් ආහාර ද්‍රව්‍ය රැගෙන යාම නිසා හැමදෙනාම බියෙන් ඉන්නේ.’’ අප මේ සම්බන්ධව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂක සුභාෂ් කරුණාතිලකගෙන් කළ විමසුමකදී හෙතෙම ප්‍රකාශ කළේ රංචු වශයෙන් ගැවසෙන රිළවුන් ඇල්ලීම සඳහා ක්‍රමවේදයක් පවතින බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක වන ‘වනජීවී මිතුරු කමිටු’ සමිතිය මගින් එම ක්‍රියාවලිය සංවිධානය කර අප වෙත දැනුම් දීමෙන් පසුව තාක්ෂණික දැනුම ලබාදී වනජීවී නිලධාරීන් විසින් මෙම රිළවුන් රංචු අල්ලා රක්ෂිත ප්‍රදේශවලට මුදාහරින බවය.   චන්දන ජයවීර - හැටන්
 

More News..