brand logo

මව පියා අහිමි දැරිය යෝජනාවට පිටු පෑම නිසා ආයුධයකින් කොටලා

02 July 2021

මව පියා අහිමි දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන පදිංචි 16 හැවිරිදි දැරියකට' තරුණයකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර පළාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. සිය මිත්තණිය සමග ජීවත්වූ මෙම දැරිය නිවස තුළදී ප්‍රහාරයට ලක්ව ඇති අතර මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. තුවාල ලැබූ දැරියට පැය දහයක සැත්කමක් සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. දැරියට පහරදුන් බව කියන 26හැවිරිදි තරුණයා මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් ඔහු බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතවන බවත් පොලීසිය සඳහන් කරයි. පහරකෑමට ලක්ව ඇති දැරිය පදිංචිව සිටින ප්‍රදේශයේ නිවසක පැවැති උත්සවයකට ගිය අවස්ථාවක එම නිවැසියන් මෙම දැරියට තරුණයා විවාහ කරදීම සඳහා යෝජනා කළ බවත්, දැරිය එය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පහර දීම සිදු කර ඇති බව ඇගේ මිත්තණිය පවසයි. තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත්කර ඇති අතර එම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
 

More News..