brand logo
logo

මවකගේ ගෙල කපා රන් මාලය කඩාගනී

04 July 2022

රන් ආභරණ පැළඳ ගමන් බිමන් පරිස්සමින්

අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන ගොස් ඇත. මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවකි. ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර අද (04) පෙරවරු කාලයේදී පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන ආපසු නිවෙසට යන අතරතුර මෙම සිදුවීමට මුහුණ දී ඇත. පොලීසිය සදහන් කළේ ඝාතනය ලක්වන අවස්ථාවේ ඇගේ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇති බවයි. ඉරුදෙණියාය තොළඹුඇළ ප්‍රදේශයේ දී ඇයගේ ගෙල බැඳි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හදුනා ගත් බවත් එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
 

More News..