brand logo

මල්වතු ඔය ව්‍යාපෘතියේ වැඩ නැවත අරඹන්නැයි උද්ඝෝෂණ

30 August 2018

අතහැර දමා තිබෙන මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කරන ලෙස රජයට බල කරමින් මල්වතු ඔය දෙපස පදිංචි ජනතාව අද (30දා) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. පසුගිය ජූලි මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය නතර කරවීමට  කඩාකප්පල්කාරී දේශපාලඥයන් පිරිසක් මැදිහත්වී ඇති බව පැවසූ විරෝධතාකරුවෝ ඉදිරි වර්ෂා කාලයට පෙර ව්‍යාපෘතිය අවසන්කර දෙන ලෙස ද ඉල්ලා සිටියහ. විරෝධතාවයේදී අදහස් දැක්වූ නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එම්. සුනිල් මහතා. ‘‘සුලු ගංවතුරකදිත් මල්වතු ඔය පිටාර ගලනවා. මේ ව්‍යාපෘතියහ ආරම්භ කළේ ඔයේ රොන් මඩ ඉවත් කරලා සුද්ද පවිත්‍ර කරන්නයි. ගංවතුර කාලයට අනුරාධපුර යාපනය හන්දිය, අක්කර 12, මිහිඳුපුර, පුලියන්කුලම, පානියන්කඩවල යන ප්‍රදේශවල අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක කුඹුරු ඉඩම් විනාශ වෙනවා. ඒ කාලයට අනුරාධපුර මහින්දවිද්‍යාලය, සාලියපුර විද්‍යාලය, හතරැස්වල විද්‍යාලය අනාථ කඳවුරු බවට පත්වෙනවා. කුහක දේශපාලනඥයෝ තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න  මේ වැඩේට අකුල් හෙලමින් ඉන්නවා. කිසිම කෙනෙක්, කිසිම ගොවියෙක්, ගොවි සංවිධායක් මේ වෙනකම් මේ ව්‍යාපෘතියට විරුද්ධව පාරට බැහැලා නෑ. නාච්චාදූව ඒකාබද්ධ ගොවි සංවිධායේ සභාපති ආර්.එම්.පුංචිරාළ,  මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර  (අමුඩ මන්ත්‍රී), ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ.  
 

More News..