brand logo

මලල ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව අද සවස

30 August 2018

18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ අවසන් මලල ක‍්‍රීඩා පදක්කම් බලාපාරොත්තු වන මීටර් 400x 4 පිරිමි අවසන් තරගය අද ප.ව. 7.10 ට පැවැත්වේ. එම අවසන් තරගයේදී 8 වැනි මංතීරුවේ තරග වඳින ශ‍්‍රී ලංකා කණ්ඩායමට කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිඳු කොඩිකාර සහ අජිත් පේ‍්‍රමකුමාර ඇතුළත්ව සිටියි. ඔවුන් විසින් අදාළ ඉසව්වේ මූලික වටයේ තරගයේදී තෙවැනි ස්ථානය (විනාඩි 3.06.06) දිනා ගනිමින් මෙම අවස්ථාව හිමිකර ගන්නා ලදී. මූලික වටයන්හි කාල ගණනයන්ට අනුව ඔවුන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර පස්වැනි ස්ථානයේ පසුවේ.
 

More News..