brand logo

මලයිකාටත් කොරෝනා

08 September 2020

අර්ජුන් කපූර් විසින් තමා කොවිඩ් 19 ආසාදිතයකු බව පසුගියදා සමාජ මාධ්‍ය ජාල වෙත පණිවුඩයක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (7 වැනිදා) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුගේ පෙම්වතිය වන මලයිකා ඇරෝරාද තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රකාශ කළාය. ඒ අනුව තමා සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව ඇය පවසා තිබේ. 'අද සිදුකරන ලද පරීක්ෂාවකින් පසු මා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වුණා. නමුත් මා දැනට යහපත් සුවයකින් පසුවන බව ඔබට දැන්වීමට අවශ්‍යයි. පිළිපැදිය යුතු සියලුම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවලට අනුව දැනට කටයුතු කරනවා. මගේ වෛද්‍යවරයා හා අනෙක් සමීපතයන් මා ගැන සොයා බලනවා. ඔයාලත් ආරක්ෂාවෙන් ඉන්න හැමෝටම ස්තූතියි. ගොඩක් ආදරෙයි.' යනුවෙන් එහි දැක්වේ. ඇගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වයත් සමග ඉන්දියාවේ BEST DANCER වැඩසටහන නවතා දමා ඇත. ඇය එම වැඩසටහනේ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි. වසන්ත විජේරත්න
 

More News..