brand logo

මරාගෙන මැරෙන ප්‍රහාරයේ රස පරීක්ෂක වාර්තාව එළියට

12 May 2019

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර නවය සඳහා සහරාන්ගේ කල්ලිය බෝම්බ සකස් කර අැත්තේ සල්පියුරික් ඇසිඩ්, නයිට්‍රික් ඇසිඩ්, ඇමෝනියා නයිට්ට්‍රේට් (යූරියා) ජෙලග්නයිට්, වෝටර් ජෙල්, අයිස්, ඩෙටනේටර් යොදාගෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. මේ අනුව ඉදිරි සෝදිසි මෙහෙයුම්වලදී සල්ෆයුරික් ඇසිඩ්, නයිට්‍රික්, යූරියා, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, අයිස් කුට්ටි, ඩෙටනේටර්, වෝටර්​ ජෙල්, නයින් වෝල්ට් බැටරි අලෙවි කරන සැකසහිත තැන් වැටලීමට පොලිස් මූලස්ථානය දිවයින පුරා පොලිස් ස්ථානවලට දන්වා යවා ඇත. මෙම ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රාථමික අවධියේ පුපුරන ද්‍රව්‍ය යොදා ගෙන ඇති නමුත් ජලග්නයිට් හා ඇමෝනියා යොදා ගනිමින් හානිය වැඩි කර ඇතැයි බෝම්බ හානිය පිළිබඳ කළ විමර්ශනයේදී හෙළි වී ඇත. මෙම ප්‍රහාරකයන් විසින්ම අන්තර්ජාලයේ අැති පොත් දෙකක් පරිහරණය කරමින් මෙම බෝම්බ සකස් කරගෙන ඇති බවත්, මේවායේ ආයු කාලය දින පහක් බවත් හෙළි වී ඇත. අයිස් යොදා ගනිමින් රසායනික සංයෝග එකතු කර බෝම්බය සකස් කර ඇති අතර එය කල් තබා ගැනීමට ශීතකරණයක රැඳවිය යුතු බවත්, දින පහක් ඇතුළත ප්‍රහාරය සඳහා යෙදවිය යුතු බවත් හෙළි වී ඇත. යොදාගෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. මේ අනුව ඉදිරි සෝදිසි මෙහෙයුම්වලදී සල්ෆයුරික් ඇසිඩ්, නයිට්‍රික් ඇසිඩ්, යූරියා, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, අයිස් කුට්ටි, ඩෙටනේටර්, වෝටර්​ ජෙල්, නයින් වෝල්ට් බැටරි අලෙවි කරන සැකසහිත තැන් වැටලීමට පොලිස් මූලස්ථානය දිවයින පුරා පොලිස් ස්ථානවලට දන්වා යවා ඇත. මෙම ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රාථමික අවධියේ පුපුරන ද්‍රව්‍ය යොදා ගෙන ඇති නමුත් ​ෙජලග්නයිට් හා ඇමෝනියා යොදා ගනිමින් හානිය වැඩි කර ඇතැයි බෝම්බ හානිය පිළිබඳ කළ විමර්ශනයේදී හෙළි වී ඇත. මෙම ප්‍රහාරකයන් විසින්ම අන්තර්ජාලයේ අැති පොත් දෙකක් පරිහරණය කරමින් මෙම බෝම්බ සකස් කරගෙන ඇති බවත්, මේවායේ ආයු කාලය දින පහක් බවත් හෙළි වී ඇත. අයිස් යොදා ගනිමින් රසායනික සංයෝග එකතු කර බෝම්බය සකස් කර ඇති අතර එය කල් තබා ගැනීමට ශීතකරණයක රැඳවිය යුතු බවත්, දින පහක් ඇතුළත ප්‍රහාරය සඳහා යෙදවිය යුතු බවත් හෙළි වී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..