brand logo

මරදානේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් 04කගේ වැඩ තහනම්

28 August 2019

මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටුණු අනතුර සම්බන්ධයෙන් එක් දුම්රියක රියදුරු, නියාමකවරුන් දෙදෙනා සහ රිය සහායකගේ වැඩ තහනම් කර ඇත. අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව ඔවුන්ගේ වැඩ තහනම් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. අද පෙරවරුවේ මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබුණේ කොළඹ සිට හලාවත දක්වා ධාවනය කර තිබූ දුම්රියක් සහ මරදානේ සිට කළුතර බලා ගමන් කරමින් තිබූ දුම්රියකි.
 

More News..