brand logo

මරණ පරීක්ෂණවලට සල්ලි ගන්නෙ ඇයි - වෛද්‍ය සංගමය ජ'පුර රෝහලෙන් විමසයි

15 August 2018

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකරනු ලබන මරණ පරීක්ෂණ සඳහා මුදල් අයකිරීමටත් මුදල ගෙවන තුරු මෘත ශරීර නිදහස් නොකිරීමටත් රෝහලේ කළමනාකරණ මණ්ඩලය ගෙන ඇති තීරණයට හේතු කවරේ දැයි පැහැදිලි කිරීමක් සිදු කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට ලිපියක් මගින් දැනුම් දුන් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. මෙතෙක් ජයවර්ධනපුර රෝහලේ මරණ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබුවේද එම රෝහලේ වෛද්‍යවරුන් විසින් නොව කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් හා හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් බවද ඒ මහතා පැවසීය. රජයේ රෝහල්වල සිදු කෙරෙන මරණ පරීක්ෂණ සඳහා මෙන්ම ජයවර්ධනපුර රෝහලේ සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණ සඳහා ද මෙතෙක් මුදල් අය නොකෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකරනු ලබන මරණ පරීක්ෂණ සඳහා එක් පරීක්ෂණක් වෙනුවෙන් රු. 2500/- ක මුදලක් අයකිරීමටත් මුදල ගෙවන තුරු මෘත ශරීරය නිදහස් නොකිරීමටත් රෝහලේ කළමනාකරණ මණ්ඩලය ජූනි මස 28 වැනිදා තීරණය කළේය.
 

More News..