brand logo

මරණ දඬුවමෙන් නිදහස ලැබු SF සෙබලා ගෙදර යයි

26 March 2020

මිරුසුවිල් යුද හමුදා කදවුර අසල කල ක්‍රියාන්විතයකදී අටදෙනෙකු මරණයට පත්වු සිද්ධියකට මරණ දඩුවම නියම කර සිටි යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව ලැබ අද දහවල් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් ව ගිය බව බන්ධනාගාර ප්‍රකාශක බන්ධනාගාර අධිකාරි බන්දුල ජයසිංහ පැවසිය . අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත මේ සම්බන්ධ ලිපිය එව්මෙන් පසු නිදහස් කර ඇත . වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට පැවැති රජයේ නියෝග මතය. එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම විය. වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී. මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු විය. එම සටන්වලදී ත්‍රස්තයන්ගේ මෝටාර් ප්‍රහාරයකින් එල්ල වූ කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් ඇති බව පැවසේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..