brand logo

මරණ දඬුවමට එරෙහි පනත සති දෙකකින් විවාදයට

15 August 2019

මරණ දඬුවම අහෝසි කරන ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සති දෙකෙන් එකක විවාදයට ගැනීමට නියමිතය. ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත අගෝස්තු 01වන දින පර්ලිමෙන්ය්තුවට ඉදිරිපත් කළේය. පනත් කෙටුම්පතට එරෙහිව කිසිවෙකු අධිකරණය හමුවට ගොස් නැති බවද පෙත්සම ගොනු කර තිබෙන්නේ පනත් කෙටුම්පතට එකග බවද බන්දුලාල් බණ්ඩාරිගොඩ අරුණට ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සති දෙක තුලදී සිය පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව ප්‍රකාශ කළේය. මරණ දඬුවම නියම කිරීම හෝ එම දඬුවම ක්‍රියාත්මක ක්රිමන් අහෝසි කර එය ජීවිතාන්තය දක්වා සිර කුදුවටත් ලෙස සංශෝධනය කල යුතු බව මෙම පනත් කෙටුම්පතේ සඳහන් වේ. එමෙන්ම මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීමට පෙර මරණ දඬුවම නියම කර ඇති අයට එරෙහිව තිබෙන චෝදනාවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කල යුතු චෝදනාවන් සේ සැලකිය යුතු බවද මරණ දඬුවම යටතේ කළ හැකි වරදට සම්බන්ධව චෝදනා නියම වූ නමුත් මෙතෙක් දඬුවම් නොකළ අයගේ වරද ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වරදක් ලෙසට සැලකිය යුතු බවද පනත් කෙටුම්පතේ දැක්වෙයි. අජිත් අලහකෝන්
 

More News..