මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි පෙත්සම් විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
02 July 2019
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි පෙත්සම් විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
02 July 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.
ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැදවනු ලබන අතර මෙම පෙත්සම මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් ගොනු කර ඇත්තේ පසුගිය මස 28 වනදාය.
නීතිපතිවරයා, වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.