brand logo

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්. 30 දක්වා තාවකාලිකව අත්හිටුවයි

05 July 2019

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වන දා දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තහනම් නියෝගයක් නිකුත් කළේය. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ආරම්භ කළ අවස්ථාවේදී බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කරනු ලැබීය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද (05) කැඳවු ලැබුවේය.
 

More News..