brand logo

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නැහැ - නීතිපති දැන්වූ බව ජනපති කියයි

05 August 2019

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නිතිපතිවරයා විසින් තමා වෙත දැන්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රිඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි. මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැඟෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය. https://www.facebook.com/maithripalas/videos/2176502452641041/
 

More News..