brand logo

මරණීය දණ්ඩනය අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතේ පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප වෙයි

20 August 2019

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි. අද(20) ඒ බව පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර ඇති අතර ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දු කර ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 3ක් ඉදිරිපත්ව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 120 වගන්තිය ප්‍රකාරව යම් පනත් කෙටුම්පතක් ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාවට අනුකුල බව ප්‍රකාශ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බැවින් මෙම පෙත්සම් තුන අධිකරණ විසින් ප්‍රතික්ෂේප කර ඇත.
 

More News..