brand logo

මයිකල් හසීටත් කොවිඩ්

06 May 2021

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ පිතිකරණ පුහුණුකරු මයිකල් හසීටත් කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ. ජෛව ආරක්ෂණ බුබුළ යටතේ කටයුතු කරමින් සිටියදී පළමුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ වේග පන්දු යවන පුහුණුකරු ලක්ෂ්මිපති බලාජි ඇතුළු තිදෙනෙක්ට වයිරසය අසාධනය වී තිබුණි. ඉන් අනතුරුව අදාළ කණ්ඩායමෙන් කොවිඩ් ආසාදනය වූ බවට වාර්තා වූයේ මයිකල් හසීය. ඉකුත් සඳුදා සිට චෙන්නායි කණ්ඩායම සතියක නිරෝධායනයට යොමුකර තිබුණු අතර වයිරසය අසාදනය වීම හේතුවෙන් හසීව දින 10ක නිරෝධායනයකට යොමුකර තිබේ. ඔහු දිල්ලියේ පිහිටි හෝටලයක නිරෝධායනය වන බවට විදෙස් මාධ්‍ය වර්තාකර සිටී.
 

More News..