brand logo

මම හිතනවා පොලිසිපතිවරයා අද ඉල්ලා අස්වෙයි කියලා - ජනපති

26 April 2019

පාස්කු ඉරිදා දිනයේදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හා පොලිස්පති සිය වගකීම ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දුන් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. මේ බරපතල වගකීමක් පැහැර හැරීම දේපළ විනාශය, ජිවිත විනාශය, සංචාරක ව්‍යාපාරයේ බලපෑම ආර්ථිකයේ බලපෑම ඒ නිසා තමයි මම කිව්වේ දෙදෙනාටම ඉල්ලා අස්වෙන්න කියලා. ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුණා. මම අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් පත්කරනවා. එමෙන්ම පොලිස්පති ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කළා. මම හිතනවා අද පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙයි යනුවෙන් ජනපතිවරයා ප්‍රකාශ කළේය.
 

More News..