brand logo

මම වතුර වගේ - නිහඩව සිටි චුලක්ෂි කතා කරයි

04 December 2021

පසුගිය දිනක චුලක්ෂි රණතුංගගේ අන්තර්ජාලයට එක්ව තිබූ වීඩියෝ පටයක් නිසා සමාජ මාධ්‍ය තුළ ඇය ගැන ඉහළින්ම කතා වෙන්නට පටන් ගත්තා. නමුත් මේ කිසිවකට කිසිදවසක උත්තර නොදෙන්නට චුලක්ෂි වගබලා ගත්තා. අද පිනිපලස කතාබහකට අපි චුලක්ෂිව සම්බන්ධ කර ගත්තේ මේ කතා සියල්ල ගැන කතා කරන්නට. මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය ගැන,උදයකාන්ත වර්ණසූරිය මහතාගේ 25 වැනි සිනමාපටය ‘ගිනිමල් පොකුරු’. ඊටත් අමතරව ඔහු විසින් නිර්මාණය කරපු සිනමාපට දිහා බැලුවම විවිධ ආකාරයේ කලාත්මක සහ වාණිජ ධාරාවේ සිනමාපට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම උදයකාන්ත මහතා කියන්නේ වාණිජ සිනමාව තුළ නමක් හදා ගත්ත අධ්‍යක්ෂවරයෙක්. මීට පෙර ඔහු බහුභාර්යා නමින් අභියෝගාත්මක සිනමා පටයක් පවා කරලා තියෙනවා. මේක බහුභාර්යා නෙවෙයි. ඒක වෙනම පිටපතක්. නමුත් ඒ ආකාරයට නිර්මාණය වන තවත් පැතිකඩක් ගැන කතාවෙන නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. තිරගතවීම් ආරම්භ වෙන්නත් කලින් ඇතිව තිබෙන මේ කතාබහ ගැන මොකද හිතෙන්නේ... එතකොට පවුල් පිටින් සිනමා ශාලාවලට ඇවිල්ලා චිත්‍රපට බලන වටපිටාවක් නැහැ. ඒ නිසා මේ මොහොතේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව තමයි සිනමා නිර්මාණ තිරගත වෙන්නේ. ඒ නිසා පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන්ම තමයි උදයකාන්ත මහතා මේ චිත්‍රපටය කරන්න මුල් වුණේ. ඒ නිසා තිරගතවීම් ආරම්භ වෙන්නත් කලින් ඇතිව තිබෙන කතා බහ සුබවාදී විදියට දකිනවා. මේ නිර්මාණයෙන් පස්සේ ප්‍රේක්ෂකයන් මොන විදියට ඔබව භාර ගනීද? ඇත්තටම එහෙම කුතුහලයක් නැතුවාම නෙවෙයි. මොකද ලංකාව තුළ සමාජ මාධ්‍ය ගත්තම ප්‍රතිරූප හදනවා වගේම නැතිකරනවා. මේ වෙද්දීත් මේ චිත්‍රපටය ගැන තියෙන කසුකුසුවටම මගේ Fb ඇතුළු සමාජ මාධ්‍යවල විවිධාකාරයේ කමෙන්ට්ස් එනවා. මිනිස්සු හිතන පතන විදිය ඇත්තටම වෙනස් කරන්න අමාරුයි. හැබැයි මම සිනමාවට ආවේම ඔය කියන කටකතා විවේචන සහ ඇගයුම් ගැරහුම් සියල්ල බලාගෙන. මිනිස්සු කියන දේ මේ කනින් අහලා අනිත් කනින් පිටකරනවා. මේ චරිතය අභියෝගයක් වුණේ නැද්ද? මේක මම ගත්ත විශාල අභියෝගයක්. මේ වෙද්දී මම චිත්‍රපට ගණනාවකට රඟපාලා තියෙනවා. නමුත් මම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර මම ආධුනික තැනක ඉන්නේ. එතකොට මට අවශ්‍ය වෙන්නේ චරිතාංග නිළියක් විදියට මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න. නැත්නම් හැමදාම දකින විදියට චුලක්ෂි කියන්නේ ලංකාව නියෝජනය කරන්න ගිය මිස් ශ්‍රී ලංකා කෙනෙක් කියලා කියන ලේබලය අලවා ගන්න ඕනේ නැහැ. ඒ ගමනේ එක් චරිතයක් තමයි ‘ගිනිමල් පොකුරු’ හි පියුමි කියන්නේ. ඒක සත්‍ය සිදුවීම් මාලාවක් එක්ක තමයි උදයකාන්ත මහතා අධ්‍යක්ෂණය කළේ. ඒ නිසා මම භාර ගත්තේ මගේ සිනමා ජීවිතය තුළ ලැබුණු ලොකු අභියෝගයක්. මේ අභියෝගය ගන්නේ වත්මන් පරපුරේ තවත් දක්ෂ නළුවෙක් එක්ක.. ඇත්තටම ඉසුරු ලොකු හෙට්ටිආරච්චි එක්ක මෙවැනි ලොකු ප්‍රොජෙක්ට් එකක වැඩ කරන පළවෙනි අවස්ථාව. ඔහු හරි ප්‍රොෆෙෂනල්. ඔහු තුළ තිබුණු ඒ වෘත්තීය රංගන ශිල්පිය කියන දේ තුළ තමයි මට මේ පියුමි කියන චරිතය ගොඩ නගා ගන්න පහසු වුණේ. අපි ජීවත් වුණේ ‘ගිනිමල් පොකුරු’ කියන කතාන්දරය ඇතුළේ පියුමි - රංග කියන චරිතවල මිසක් එතන චුලක්ෂි හෝ ඉසුරු හිටියේ නැහැ. අපි දෙන්නටම ඕනේ වුණේ මේ ‘ගිනිමල් පොකුරු’ කියන පිටපතට සාධාරණයක් කරමින් පියුමි - රංග කියන චරිත මතුකරලීම. සමාජ මාධ්‍ය තුළ ඔබේ නමින් නැගෙන ප්‍රශ්නවලට ඇයි ඔබ නිහඬව ඉන්නේ අන්න ඒක තමා මම කියන්නේ සමාජ මාධ්‍ය නිසා කලාකරුවන් ගොඩනැංවීම සහ ඒ අයගේ ප්‍රතිරූප විනාශ වෙනවා කියන දේ. ඒ නිසා ජනප්‍රිය චරිතයක් වෙනවා නම් අපිට ලැබෙන ගල් මුල් දෙකම අපි භාර ගන්න සූදානම් වෙන්න ඕනේ. මම විශ්වාස කරනවා පල ඇති රුකට තමා ගල් ගහන්නේ කියලා. මිනිස්සු මොනවත් නොකර ඉන්නවා නම් එතැන හරි සයිලන්ට්. හැබැයි අපි දෙයක් කරනවා නම් එතැනදී අපි කරපු නොකරපු දෙකම කතා වෙනවා. මම එහෙම නැහැ කියාගෙන මට හංගන්න දෙයක් නැහැ. මම දන්නවා මම කවුද කියලා. ඒ නිසා ඒ වගේ තැන්වලදී මම කෑකෝ ගහනවට වැඩිය ඒකට කාලයත් එක්ක උත්තර ලැබෙයි කියලා නිහඬ වෙලා ඉන්නවා. ඉදිරියේදී ඔබ වැඩිහිටියන්ට පමණයි නිළියක් වෙයිද... මට මෙවැනි චරිතවලටම තාම කතා කරලා නැහැ. මම මේ සංවාදය පටන් ගනිද්දීත් කිව්වා අලුත් නිර්මාණයක චරිතයකට හැඩගැසෙමින් ඉන්නේ කියලා. ඒක පවුලේ සැමට බලන්න පුළුවන් නිර්මාණයක්. මම දකින්නේ නිළියකට සීමා තියෙන්න පුළුවන්. නමුත් මම සිනමාව තෝරා ගත්ත තැන මම රූපණය කියන මාතෘකාව ඔස්සේ ගමන් කරද්දී මිනිසුන්ගේ ජීවිතවල තියෙන යථාර්ථය පෙන්නුම් කරන්න ඒ කලා කෘතියකට අවශ්‍ය දර්ශනයක් තියෙනවා නම් ඒකට සාධාරණ විදියට පෙනී සිටින්න සූදානම් වෙලා තමයි මම මේ චරිතය භාර ගත්තේ. ඒ නිසා ඉස්සරහටත් වෘත්තීය මට්ටමින් මගේ රූපණ අවකාශය තුළ කටයුතු කරන්න මම හිතනවා. සිනමාවේ මේ වෙද්දී චුලක්ෂිට ලැබෙන ආරාධනා ගැන තෘප්තිමත්ද? මම කරපු නිර්මාණ සියල්ල ගැන මට තෘප්තියක් තියෙනවා. නමුත් ලැබෙන ආරාධනා ගැන තෘප්තිය ගැන අපේ රටේ මේ මොහොතේ පවතින සිනමා කර්මාන්තයේ තත්ත්වය එක්ක නැහැ කියන්න බැහැ. මම ඉන්නේ වතුර වගේ. විවිධ භාජනවලට මාව දැම්මම ඒ හැඩය මගෙන් ලබා ගන්න පුළුවන් රංගන ශිල්පිනියක්. මම කැමතියි චරිතයක් වෙන්වුවෙන් මගේ ශරීරයේ හැඩය පවා වෙනස් කර ගන්න. ඒ නිසා මම කැමතියි තවදුරටත් විවිධ වූ හැඩයේ චරිත මට ලැබෙනවට. මොකද මම මේ ගමන යන්නේ ලොකු ගෝල් එකක් එක්ක. පෞද්ගලික ජීවිතේ අමතක කරලද තියෙන්නේ? මම ආසයි පෞද්ගලික ජිවිතයට එන්න කලින් වෘත්තීය ජීවිතේ සාර්ථකත්වයක් දකින්න. ඒක මම කියන්නේ නැහැ රංගන ශිල්පිනියක් විදියටම දකිනවා කියලා. මම ගොඩක් ආසයි ව්‍යසායක කාන්තාවක් විදියට මගේ ජීවිතේ ස්වාධීනව යම් කිසි මට්ටමකට ආවට පස්සේ මගේ පෞද්ගලික ජීවිතය ගැන හිතන්න. එතැනදී මම කියන්නේ නැහැ පෞද්ගලික ජීවිතය අතහැරලා දාලා ඉන්නවා කියලා. පෞද්ගලිකව ආදරය ගැන පවුල් ජිවිතේ ගැන කතා කළොත්? ආදරය කියන දේ නැතුව ජීවත් වෙන්න හරි අමාරු දෙයක්. සමාජ මාධ්‍යවල විවිධ වූ ආකාරයේ ගොසිප් යනවා මම විවාහයකට යන්නේ නැතුව දරුවෝ හදනවා වගේ කතා. මම කියන්නේ දරුවන්ට හරි ආදරය කරන චරිතයක්. මගේ හෝ වේවා කාගේ හෝ වේවා පාරේ හෝ වේවා දරුවන් කියන්නේ සම්පතක්. ඒ නිසා හැම දරුවෙක්ටම ඒ වගේ ආදරෙන් බලන මට මගේ දරුවෙක්ට ආදරේ නොකරනවා කියන්නේ විහිළුවක්නේ. ඒ නිසා මගේ පෞද්ගලික ජීවිතේ අමතක කරලා ඉන්න කෙනෙක් නෙවෙයි. වගකීම් ගොඩක් භාර ගන්න පුළුවන් චරිතයක්. ඒ නිසා මගේ පෞද්ගලික ජීවිතේ වගකීම් භාරගන්න කැමැත්තෙන් ඉන්නේ. එහෙම කියද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයා මේ වයසේනේ ඉන්නේ කියලා. මම කිසි දෙයකට හදිස්සි නැහැ. මම හිතන්නේ හැමදේම හරි කාලෙට තමන්ට ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ තුළ ගමන් කරනවා. වයස කියන්නේ ඉලක්කමක්. තමන්ගේ හිත තමයි ගොඩක්ම ශක්තිමත්ව තියා ගන්න ඕනේ. ඒ වගේම හිත තරුණ විදියට තියාගන්න ඕනේ. සමහරු හිතනවා වයසට ගියාම මලක් පහනක් පත්තු කරගෙන ඉන්න ඕනේ කියලා. මම නම් කියන්නේ මලක් පහනක් පත්තු කරන්න වයසට යන්න ඕනේ නැහැ. දැනුත් ඒ ටික කරගෙනම ජීවිතේ බැලන්ස් එකකින් යන්න ඕනේ. තව එන්න තියෙන නිර්මාණ මොනවද? ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මිදුණු විශ්වය, ප්‍රසන්න ජයකොඩි මහතාගේ කොරෝනා කාලේ ආලේ. සනත් අබේසේකරගේ ගුත්තිල. ප්‍රියන්ත කොළඹගේ මන්දාරා. මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ශ්‍රී වික්‍රම. උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගින්දරී 3 චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. අනුෂා රණසිංහ May be an image of 1 person, standing, sunglasses, sky and ocean May be an image of one or more people, people standing and outdoorsMay be an image of one or more people, people standing, outdoors and brick wallNo photo description available.
 

More News..