brand logo

මම පොඩ්ඩ ඇත්නම් කේන්ති ගන්න නපුරු කෙල්ලෙක්

12 October 2022

'හිත ළඟ හිනැහුණා’ කියන්නෙ මේ දවස්වල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. හිත ළඟ හිනැහුණා හි කිරුලිගේ සැපේදි වගේම දුකේදි ළඟින් ඉන්න හොඳම යාළුවා තමයි උදානා කියන්නෙ. උදානාගේ චරිතයට පණපොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන සවිනි යකුපිටිය. ඇයත් එක්ක අපි අද ටිකක් කතා කරන්න හිතුවා.. ඔබට උදානා කියලා කියන්නද, සවිනි කියලා කියන්නද? උදානා කියන්නෙ හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයේ නම. හිත ළඟ හිනැහුණා ගොඩක්දෙනා අතර ජනප්‍රිය නිසා උදානා කියන නමින් තමයි මට හැමෝම මේ දවස්වල කතා කරන්නෙ. හැබැයි සවිනි කියන්නෙ මගේ ඇත්ත නම. මම කැමතියි මගේ ඇත්ත නමින් කතා කරනවට. May be an image of 1 person, sitting, standing and outdoors හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යය නිසා සවිනිට ⁣මේ දවස්වල ගොඩක් රසික ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද? මම හිතුවටත් වැඩිය ⁣ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ඇත්තටම මට සතුටුයිි. සවිනි කොහොමද රංගන ක්ෂේත්‍රයට එන්නෙ? මම රංගනයට එන්නෙ නිරූපණ ක්ෂේත්‍රය හරහා. නිරූපණයේදි කරපු මගේ ඡායාරූපයක් දැකලා අධ්‍යක්ෂ පසිදු පෙරේරා snap ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපාන්න මට ආරාධනා කරනවා. ඒ විදිහට තමයි මම රංගන ක්ෂේත්‍රයට එන්නෙ. ඉන් පස්සෙ ටෙලි නාට්‍ය හයකට විතර මම රංගනයෙන් දායක වුණා. උදානාගේ චරිතය ඔබට කොහොමද දැනෙන්නෙ? මම හිතන්නෙ උදානා කියන්නෙ හොඳ යාළුවෙක්. තමන්ගෙ හොඳම යාළුවා වෙනුවෙන් පණ ⁣වුණත් දෙන කෙනෙක්. May be an image of 1 person, sitting and sky සැබෑ ජීවිතයේදි ඔබ මොන වගේ කෙනෙක්ද? හුඟක් අය මගේ රූපෙ දිහා බලලා කියන දෙයක් තමයි මම අහිංසකයි කියලා. මම අහිංසක නැහැ. සැබෑ ජීවිතයේදි මම කේනති යන නපුරු කෙනෙක්. ඔබේ ලස්සන පවත්වාගෙන යන්න මොනවද කරන්නෙ? ලස්සන පවත්වාගෙන යන්න කරන ප්‍රධානම දේ තමයි ජිම් ගිහින් ව්‍යායාම කරන එක. ලෙඩවෙලා හිටියත් ජිම් යන එක නම් මම නවත්තන්නෙ නැහැ. ඊට අමතරව කෑම පාලනයෙනුත් මම මගේ ලස්සන පවත්වගෙන යනවා. සවිනි පෙම්වතියක්ද? මම හිතන්නෙ ගෑනු ළමයෙක් වුණාම ආදරය, විවාහය කියන දේවල්වලට කලින් තමන්ගෙ ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට අවශ්‍ය ඉලක්ක සපුරගෙන ඉන්න ඕන කියලා. එහෙම නැතිව ආදරයක් පටන් ගත්තොත් වෘත්තීය කටයුතුවලට බාධාවෙන එකයි වෙන්නෙ. මම ඒ අත්දැකීමට මුහුණ දීලා තියනවා. ඒ නිසා ඒ සම්බන්ධය මම නැවැත්වූවා. May be an image of 1 person and sitting ඔබට වෙනත් නිර්මාණවලිනුත් ආරාධනා එනවා ඇති නේද? ටී.වී. දෙරණ නාළිකාව නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබිලා තියනවා. ⁣ගොඩක් දුරට එය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නත් ඉඩ තියෙනවා. ඒ ගැන මම ටී.වී. දෙරණ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ලක්ෂාන් ජයසූරිය May be an image of 1 person, flower and outdoorsMay be an image of 1 person, sitting, standing and indoorMay be an image of 1 person, standing and footwearMay be an image of 1 person, long hair, standing, flower and outdoors
 

More News..